අලුතින් සෝලා ඉන්ස්ටෝල් කරන අයට පොඩි අවවාදයක් දෙන්නයි මම මේ පෝස්ට් එක ලියන්නේ, මෑතකදී මට හම්බවුණු කස්ටමර් කෙනෙකුගේ සිද්ධියක් නිසා.
මේ කස්ටමර් ත්‍රි-පේස් (Three-Phase) කස්ටමර් කෙනෙක්. එයා 10kW සෝලා සිස්ටමක් ඉන්ස්ටෝල් කරලා තියෙනවා. මෙයා මේ ට්‍රාන්ස්ෆෝමර් එකේ අවසාන කස්ටමර්.
වෝල්ටේජ් එක Phase 2 තුළ 265Vටත් ඊට වැඩියටත් යනවා. මෙයාට ක්ලියරන්ස් ලැබිලා system install කරලා තිබුනත්, grid එක්ක සම්බන්ධව තිබුනත්, දවල් 10න් හවස 2 වෙනකල්system එක off වෙනවා.
Overvoltage එකට විසඳුමක් ලෙස, grid පැත්තෙන් කරගත හැකි එකම විකල්පය ට්‍රාන්ස්ෆෝමර් එකේ කැපැසිටි වැඩි කිරීමයි.
කෙසේ වෙතත්, මට හිතෙන විදිහට LECO කස්ටමර් වෙනුවෙන් එවැනි දෙයක් කරන්නෙ නැහැ.
මේ කස්ටමර්ට මාසෙට 45,000/- ක විදුලි බිලක් එන නිසාම solar system එකක් සවි කරලා තියෙන්නේ, loan එකක් අරගෙන. දැන්system එක සවි කරලා තියෙන උනාට, තවමත් මාසෙට 38,000/- ක විදුලි බිලක් ගෙවන්න වෙනවා. එයට අමතරව loan එකත් ගෙවන්න වෙලා.
සත්‍ය Solar Overvoltage Issue
මම මේ ගැන කතා කරන්නේ කවුරුත් සෝලා භාවිතා කරන්න ධෛර්යය අඩු කරන්න නෙමෙයි. නමුත් කෙනෙක් අමාරුවට වැටුනොත්, ඒකෙන් ආයතනයකට උදව් කරන්න අමාරුයි.
අපේ grid එකේ වෝල්ටේජ් එක වැඩිවෙන්නේ අපේ විදුලි පරිභෝජනය අඩු නිසා.
දැනට ලංකාවේ ආර්ථික අර්බුදය හේතුවෙන් බොහෝ ආයතන වැඩ නවත්තලා, නිවාසවල විදුලි භාවිතයත් අඩු කරලා. ඒ නිසා, grid එකේ දී electric load අඩු වෙලා. එහෙත්, සෝලා පද්ධති වැඩියෙන්ම සවි කරලා තියෙන නිසා, grid එකේ electricity production වැඩි වෙනවා.
ග්‍රිඩ් පද්ධතිය සහ සෝලා Grid System And Solar System
විදුලි බල මණ්ඩලය grid පාලනය කරන්නේ turbines, diesel generators, hydro-power plants වැනි මූලාශ්‍ර භාවිතයෙන් 50Hz නියමිත මට්ටම පවත්වාගෙන යමින්.
මෙම පද්ධතියට අවශ්‍ය Inertia ලබාදිය හැක්කේ එම මූලාශ්‍ර හරහායි.
නමුත්, solar systems හරහා grid එකටInertia ලබාදිය නොහැක. මන්ද, ඒවා semiconductor-based devices බැවිනි.
දැනට තිබෙන විසඳුම Grid Forming Inverter පද්ධතියක් ක්‍රියාත්මක කිරීමයි. නමුත්, අපේ රටේ එය තවමත් ප්‍රචලිත වී නැහැ.
ඔබේ ක්‍රියාවලිය
එය හේතුකොටගෙන, solar system එකක් සවි කිරීමට පෙර Voltage Analysis Report එකක් ලබාගන්න.
✅ ඔබේ Three-Phase වෝල්ටේජ් එක සතියකට විශ්ලේෂණය කරන්න.
✅ විවිධ ආයතන මේ සේවාව සැපයිය හැක.
✅ ඉතා අඩු මුදලකට කළ හැකි බැවින්, මෙය කළහොත් අනාගතයේ ලක්ෂ ගණනක මුදල් අපතේ යාම සහ අනාරක්ෂිත තත්ත්වයන් වැළැක්විය හැක.
විශේෂයෙන් Three-Phase customers සඳහා මෙය ඉතා වැදගත්!
Single-Phase customers නම් Phase Shift එකක් හරියට කළොත් බේරෙන්න පුළුවන්. නමුත්, Three-Phase වල විකල්ප අඩුයි.
අපේ රටේ grid පද්ධතිය නිසි ලෙස සංවර්ධනය වුනොත්, බොහෝ අය solar systems භාවිතා කළ හැකි වේවි. විශේෂයෙන් කොළඹ සහ අවට ප්‍රදේශවල.
……………………………………………………………………………………………………………………………………………………………………..
Updated Feedback 01
වර්ථමානයේ පවතින Voltage readings පමණක් විශ්ලේෂණය කර ඉදිරි වසර 20ක කාලය සඳහා සිදුවිය හැකි දේ අනාවැකි කීම ප්‍රායෝගිකව තරමක් අපහසු කාරණයකි. තවද, Real Power Inject කිරීමේදී පද්ධතියේ සංඛ්‍යාතය (Frequency) ද වෙනස් වන බැවින්, වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය යන දෙකම විශ්ලේෂණය කිරීම වඩාත් නිවැරදි වේ. එසේ වුවද, මෙහි ගැටලුවක් පවතී. උදාහරණයක් ලෙස අපේ නිවස පිහිටා ඇති Radial Network (ලංකාවේ තවමත් බහුලව දක්නට ලැබෙන්නේ Radial Distribution Networks වන අතර Ring Networks ඇත්තේ ඉතා අතලොස්සකි) එක තුළම ඇති තවත් නිවාස කිහිපයක සෝලා පද්ධති සවි කිරීම නිසා වෝල්ටීයතාවය සහ සංඛ්‍යාතය කෙටි කලක් (මාස කිහිපයක් හෝ වසර කිහිපයක්) තුළ පවා වෙනස් වීමට පුළුවන. එපමණක් නොව, විදුලි පරිභෝජනය (Electricity Consumption) කාලයත් සමඟ වැඩි වන සාධකයකි. එබැවින්, වත්මන් Voltages මත පමණක් පදනම්ව අනාගත තීරණ ගැනීම සත්‍ය වශයෙන්ම ප්‍රායෝගික නොවේ.
මෙවැනි අනාගත කරුණු සැලසුම් කිරීම සඳහා විදුලි බල මණ්ඩලයේ (CEB) වෙනමම සැලසුම් අංශයක් (Planning Division) පවතී. ඔවුන්ගේ වගකීම වන්නේ මෙවැනි සංකීර්ණ කාරණා විශ්ලේෂණය කර නිසි තීන්දු තීරණ ගැනීමයි. Load Flow Analysis වැනි විශ්ලේෂණ සඳහා ETap වැනි විශේෂිත මෘදුකාංග අවශ්‍ය වන්නේ මෙවැනි අවස්ථාවන්හිදීය, මන්ද අපට විශ්ලේෂණය කිරීමට බොහෝ පරාමිතීන් ඇති බැවිනි.
මෙය ටිකක් දීර්ඝ විෂය පථයක් සහිත කරුණකි. කෙසේ නමුත්, අනාගතයේදී ජාතික විදුලිබල පද්ධතිය (National Grid) අනිවාර්යෙන්ම නවීකරණය (Augment) විය යුතුය. අප නවීන ලෝකයේ කතා කරන Smart Grid වැනි සංකල්ප සමඟ Renewable Energy Resources සහ Firm Energy Resources නිසි පරිදි ඒකාබද්ධ කිරීමෙන් පමණක් තිරසාර (Sustainable) බලශක්ති ඉලක්ක සපුරා ගත හැකිය. දැනටමත් ලෝකයේ දියුණු රටවල් බොහොමයක් Community සහ Utility Micro-Grids වැනි දෙසට ගමන් කරමින් සිටී. එබැවින්, ශ්‍රී ලංකාව ද නුදුරේදීම මේ වැනි Paradigm Shift එකක් සමඟ ඉදිරියට යනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.
Updated Feedback 02
මෙවැනි සටහන් මගින් දැනුම බෙදා හදා ගැනීම ඉතා අගය කොට සලකමි. මුල් පෝස්ට් එකේ සඳහන් කළ ගැටලුවට හේතුව ලෙස දැක්වූ කරුණට අමතරව තවත් හේතුවක් බලපාන බව මාගේ අත්දැකීම් අනුව පෙනී යයි.
එනම්, සෝලා පද්ධතිය ස්ථාපනය කර ඇති ස්ථානයේ සිට Distribution Transformer එක දක්වා ඇති දුර මෙම Overvoltage තත්ත්වයට මූලික හේතුවක් විය හැකි බව මාගේ අදහසයි. මුල් පෝස්ට් එකේ සඳහන් කළ පරිදි, අදාළ පාරිභෝගිකයා ‘Transformer එකේ අවසාන Customer’ වීම සහ ඔහුගේ පද්ධතියේ සිට Transformer එකට ඇති දුර පිළිබඳ තොරතුරු තිබුණා නම්, ගැටලුව වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමට හැකි වනු ඇත.
දිවා කාලයේදී (උදේ 11 සිට දහවල් 2 පමණ දක්වා) සෝලා පද්ධති මගින් ජනනය කරන විදුලිය එම Transformer එකට සම්බන්ධ නිවාස වල පමණක් භාවිත නොවී, අනිවාර්යයෙන්ම Step Up වී 33,000V ජාලයට (Grid එකට) යොමු විය යුතුයි. මන්ද, Power එක Generate වන විට එය කොතැනක හෝ භාවිත විය යුතු අතර, දැනට එය විශාල වශයෙන් ගබඩා කිරීමේ හැකියාවක් නැත. සෝලා පද්ධතියේ සිට Transformer එක දක්වා ඇති දුර වැඩි වන විට, කේබල් වල සම්බාධනය (Resistance) ද වැඩි වේ. එවිට විදුලිය Transformer එක දක්වා තල්ලු කිරීම සඳහා අනිවාර්යයෙන්ම වෝල්ටීයතාවය ඉහළ නැංවීමට (Voltage Up කිරීමට) සිදුවේ. කේබල් වලට හානි වී ඇත්නම්, සන්ධි දුර්වල නම්, හෝ සම්බන්ධතා ලිහිල් නම් මෙම තත්ත්වය තවත් උග්‍ර වන අතර, වෝල්ටීයතාවය තවත් ඉහළ නැංවීමට අවශ්‍ය වේ.
තනි Transformer එකක් යටතේ 100kW, 200kW වැනි විශාල සෝලා පද්ධති සවි කර ඇති ස්ථාන තිබෙන අතර, එම Transformer එක යටතේ ඇති මුළු විදුලි පරිභෝජනය ඉතා අඩු විය හැකිය. පෝස්ට් එකේ දැක්වූ හේතුව පමණක් බලපෑවා නම්, මෙවැනි පද්ධති අධික වෝල්ටීයතාවය නිසා නිතරම ක්‍රියා විරහිත විය යුතුයි. නමුත් එසේ සිදු නොවේ.
මෙයින් පෙනී යන්නේ Power එක Grid එකට Export කිරීමේදී Transformer එක යටතේ ඇති සම්පූර්ණ දේශීය විදුලි පරිභෝජනයට වඩා සෝලා පද්ධතියේ සිට Transformer එකට ඇති දුර තීරණාත්මක සාධකයක් විය හැකි බවයි. කෙසේ වෙතත්, දේශීය විදුලි පරිභෝජනය වැඩි Transformer වලට දුරින් සිටින අයට Overvoltage ගැටලුවක් ඇති නොවී Power export විය හැක, ළඟින් සිටින නිවාස වල අධික පරිභෝජනයක් සිදුවන දිනවලදී. එවැනි අයට Overvoltage ගැටලුවක් ඇතිවිය හැක්කේ සෙනසුරාදා ඉරිදා වැනි නිවාඩු දිනවල පරිභෝජනය අඩු වූ විට පමණි.
මෙය නිවැරදිව තහවුරු කර ගැනීමට නම්, එකම Transformer එක යටතේ, Transformer එකට ආසන්නව සහ දුරින් පිහිටා ඇති, සමාන ධාරිතාවයකින් යුත් සෝලා පද්ධති දෙකක දහවල් 12 පමණ කාලයේදී පවතින වෝල්ටීයතා අගයන් සසඳා බැලිය හැක. අනිවාර්යයෙන්ම දුර වැඩි පද්ධතියේ වෝල්ටීයතාවය වැඩි අගයක් ගනු ඇත.
එබැවින්, එකම Transformer එක යටතේ දුරින් පිහිටි අයෙකුට Overvoltage ගැටලුවක් ඇති වූ පමණින්, Transformer එකට ආසන්නව පිහිටි අයෙකු සෝලා පද්ධතියක් ස්ථාපනය නොකිරීමට තීරණය කිරීම එතරම් තාර්කික තීරණයක් නොවන බව මාගේ අදහසයි.
Updated Feedback 03
මෙම Overvoltage ගැටලුව 3-5kW වැනි කුඩා, Hybrid inverter භාවිත කරන ගෘහස්ථ (Domestic) පාරිභෝගිකයෙකුට බලපාන්නේ නම්, එයට කළ හැකි යම් පිළියමක් මෙසේ දැක්විය හැක.
එනම්, සූර්ය බලය වැඩිපුර ජනනය වන දහවල් කාලයේදී (සාමාන්‍යයෙන් උදේ 9 සිට දහවල් 2 දක්වා) ඔබගේ පරිශ්‍රයේ විදුලි උපකරණ භාවිතය වැඩි කිරීම මගින්, Grid එකට යොමු කරන බලය (Power) අඩු කර ගැනීමයි. මෙලෙස දේශීය පරිභෝජනය වැඩි කිරීම මගින් Grid voltage ඉහළ යාම බොහෝ දුරට වළක්වා ගත හැක.
මෙය ඵලදායි ලෙස සිදු කිරීම සඳහා, ඔබ බැටරි පද්ධතියක් භාවිත කරන්නේ නම්, දහවල් කාලයේදී බැටරිය ඉක්මනින් Charger නොකොට, උදේ 9 සිට සවස 2 වැනි කාලය තුළ අඩු බලයකින් (Low Power) සෙමෙන් Charger වන ලෙස Settings සකස් කළ හැක. එමෙන්ම, භාවිත කරන වේලාව වෙනස් කර ගත හැකි උපකරණ එනම් වතුර මෝටර් භාවිතය, රෙදි සෝදන යන්ත්‍රය (Washing Machine) භාවිතය, ඉස්තිරික්ක කිරීම (Ironing), Water Heater (Geezer) රත් කර ගැනීම වැනි දේවල් හැකි තරම් මෙම දහවල් කාලයට යොදා ගන්න.